Archive for June 2014

තාක්ෂණවේදය සඳහා විද්‍යාව පාඩම් මාලාව 12 සහ 13 ශ්‍රේණි


Science For Technology එහෙමත් නැත්නම් තාක්ෂණවේදය සඳහා විද්‍යාව. තාක්ෂණවේදය විෂයධාරාවෙන් උසස් පෙළ හදාරන සියළු සිසුන්ට අනිවාර්ය විෂය. ඒ බව ඔබ දැනටමත් දන්නවා. මම මේ විෂය බෙදෙන හැටි ගැන කලින් කියල දුන්නා බලපු නැති අය පහලින් ගිහින් බලන්න

තාක්ෂණවේදය විෂය ධාරාව හැඳින්වීම.


අපි දැන් බලමු මේ විෂය සඳහා නිර්දේශිත පාඩම් මොනවද කියල.

12 ශ්‍රේණිය ඒකක

  1. ක්ෂුඳ්‍රජීව විද්‍යාව
  2. ජෛවානු වල වැදගත්කම
  3. මූලික ගණිතය
  4. පයිතගරස් සම්බන්ධතාව
  5. මිනුම් ශිල්පක්‍රම
  6. තාප රසායනයේ මූලික සංකල්ප
  7. පරිගණකය
  8. පරිගණක මෙහෙයුම් පද්ධතිය
  9. ත්‍රිකොණමිතික අනුපාත
  10. තාපය
  11. චාලක රසායනයේ මූලික සංකල්ප
  12. බහු අවයවික ද්‍රව්‍ය
  13. මෘදුකාංග භාවිතය
  14. අන්තර්ජාලය හා සන්නිවේදනය
  15. බලය
13 ශ්‍රේණිය ඒකක

  1. යාන්ත්‍රික ශක්තිය
  2. ද්‍රවස්ථිති විද්‍යාව
  3. ස්වභාව නිෂ්පාදන
  4. ඛණ්ඩාංක ජ්‍යාමිතිය
  5. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  6. විද්‍යුතය හා චුම්භකත්වය
  7. රසායනික කර්මාන්ත
  8. චලිතය
  9. නැනෝ තාක්ෂණය
  10. සංඛ්‍යානය
  11. තාක්ෂණික දියුණුව හා පරිසරය

අපිත් එක්ක එකතු වෙන්න



මේ බ්ලොග් එක තරමක් හරි හොඳට වැඩ ඉවර කලේ අද!! ඒත් මම තාම ජෛව පද්ධති තාක්ෂණවේදය ගැන ලියන්න කෙනෙක් හොයනවා. ඔයාලටත් කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.. එන්න දන්න දැනුම නොදන්න අයට කියල දෙන්න.

ඒත් අධ්‍යාපන කටයුත්තක් නිසා ජෛව පද්ධති තාක්ෂණවේදය උගන්වන්න පුළුවන් කියල විශ්වාසයිනම් විතරක් එන්න. 

අපිට මේල් කරල ඔයාගේ කැමැත්ත කියන්න info.tecclz@gmail.com

ඉංජිනේරු තාක්ෂණවේදය පාඩම් මාලාව 12 සහ 13 ශ්‍රේණි...



ඔයාල මේ බ්ලොග් එකත් එක්ක රැඳිල හිටියනම් තාක්ෂණවේදය විෂය ධාරාව ගැන දැන් හොඳ දැනුමක් ඇති කියල හිතනව. මොකද මම මුලින් ඒ ගැන ඔයාලට කියල දුන්නා.. ඒ ලිපි මග හැරුන නම් බලල ඉන්න එක හොඳයි.

තාක්ෂණවේදය විෂය ධාරාව හැඳින්වීම.

තාක්ෂණවේදය විෂය ධාරාවේ සියළුම විෂය නිර්දේෂ සහ ගුරු අත්පොත්.

අ.පො.ස (උ.පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ ඇයි?

හරි දැන් ඒ ගැන දන්නවනේ. දැන් යමු අද මාතෘකාවට. ඉංජිනේරු තාක්ෂණවේදය. ඒ කියන්නේ ආනාගත දක්ෂයන් නිර්මාණය කරන සුපිරිම විෂයක් අපි බලමු අද ඒ විෂය තුල දී ශිෂ්‍ය ඔබට ඉගැන්වෙන ඒකක පිළිබඳව.  

ඒ පිළිබඳ දැනුවත් වීම ඔබ තවමත් මෙම විශය ධාරාව තෝරා ගැනීම සම්බන්ධව දෙගිඩියාවෙන් පසුවනවා නම් ඔබට ඉතාමත් වැදගත් වේවි.


12 ශ්‍රේණිය ඒකක

  1. ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම
  2. මූලික ස්ව්‍යංචල තාක්ෂණවේදය
  3. මූලික විදුලි තාක්ෂණවේදය / ගෘහ විදුලි රැහැන් ඇදීම
  4. මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය
  5. මූලික නිශ්පාදන තාක්ෂණවේදය
  6. ඉංජිනේරු ඇඳීම
  7. ඒකක සහ මිනුම්
  8. චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල
  9. තාක්ෂණවේදය සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව


13 ශ්‍රේණිය ඒකක

  1. විදුලි යන්ත්‍ර සහ බල පද්ධති
  2. මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය සහ භාවිතය
  3. ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය
  4. තරල යන්ත්‍ර (පොම්ප, තළ බමණ)
  5. ඉංජිනේරු සම්මතයන් සහ තත්ව සහතික පද්ධති
  6. බිම් මැනීම
  7. ඇස්තමේන්තුකරණය සහ ප්‍රමාණ බිල්පත් සැකසීම
  8. ව්‍යවසායකත්වස සහ කළමණාකරණය
මම හිතන්නේ මම කියන්න දෙයක් නෑ ඔබටම වැටහෙන්න ඇති මේ විෂය ධාරාවෙ තියෙන වැදගත් කම සහ වටිනාකම. මොකද මේ ලංකාවේ අධ්‍යාපනයේ සිදු වුන මහා පෙරළියක් විදුලි තාක්ෂණය, ස්ව්‍යංචල තාක්ෂණය, ගොඩගැගිලි තාක්ෂණය සහ තවත් බොහෝ විෂය ක්ෂේත්‍ර පිළිබඳ උගන්වන එක් විෂයක්.
ඔබට මෙමගින් සැලසෙන ප්‍රධානතම වාසිය තමයි. ඔබ මෙම විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපන කටයුතු නිම කරල පසුව ඔබ B.Tech උපාධිය සම්පූර්ණ කිරීමේදී ඔබට අවශයය සහ ඔබ වඩාත්ම කැමැත්තක් දක්වන විෂය පථය ඒ සඳහා තෝරාගන්න පුළුවන්. 
උදාහරණයක් විදිහට ඔබ මෙම විෂය ධාරාවෙන් උසස් පෙළ නිම කරනවා ඔබගේ සිහිනය මොටර්රථ තාක්ෂණවේදියෙකු වීම. එහෙනම් ඔබට පහසුම මග ඉන් පසුව මොටර්රථ තාක්ෂණ ශිල්පියෙකු ලෙස කාර්මික විද්‍යාලයකින් එහෙමත් නැත්නම් University College එකකින් හරි ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීම දැන් ඔබ ඔබේ සිහිනයට ලඟා වෙලා. (හැබැයි වචනෙ දිහා බලල වරද්ද ගන්න එපා මෝටර් රත තාක්ෂණික ශිල්පියෙක් කියන්නේ අපි දකින ගරාජ් එකක ඉන්න බාසුන්නැහේට නෙමෙයි. ඔහු ඉතා ඉහල වැටුපක් ලබන ඉතා විශාල පිළිගැනීමක් ඇති වෘතිකයෙක්. ගැටළුව ලංකාවෙ අපිට එවැනි දර්ශිය උදාහරණ නොමැති වීම. නමුත් විදේශ රට වලදි උසස් රථ වාහාන නිපදවන සමාගම් වලදි අපිට එය දැක ගන්න පුළුවන්) 

ඇත්තටම මම දකින විදිහට මේ තාක්ෂණවේදය විෂය ධාරාව තමයි ලංකාවේ 100% අනාගතය සුරක්ෂිත කරන. එකම විෂය ධාරාව.
Tuesday, June 24, 2014
Posted by Unknown

අ.පො.ස (උ.පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ ඇයි?

ගරු අධ්‍යාපන අධික්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ මැතිතුමා විසිනි...




නියම වෙනසක්...

න්‍යායික බුද්ධියට අමතරව “කිරීමේ“ හැකියාව ඇති බොහෝ දරුවන්ට අතිශය වැදගත් වන පරිවර්ථනයක් ළගදි අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ඇති වුණා. ඒ තමයි උසස් පෙළට තාක්ෂණවේදය විෂ්‍ය ධාරාව හඳුන්වා දීම.

වැඩ ලෝකයට ඇතුළු වෙන්න තාක්ෂණය හා නිපුණතාවය අවශ්‍යයි...

මේ මාර්ගය පටන් ගන්නේ පොඩි වෙනසකුත් එක්ක. අපි සිද්ධාන්ත ඉගෙනගන්න ගමන්ම වැඩ ලොකය ගැනත් ඉගෙන ගන්නවා. ඒක තමයි මානව සංහතියේ ලෞකික අභිවෘද්ධියට තියෙන නියම ලෝකය. ඉතින් අපි ටික ටික වැඩ කරන්නත් ඉගෙන ගන්නවා. මේ පාර හදල තියෙන්නේ දෙපැත්තකට බෙදෙන විදිහට ඒ ඔබේ දක්ෂතා අනුව තෝරගත්තු එක පාරක යන්නයි.

පාරවල් දෙක මේ විදිහයි...


  • පළමු ආකාරය
1) ඉංජිනේරු තාක්ෂණවේදය
සිවිල්, යාන්ත්‍රික විද්‍යාව හා විදුලි තාක්ෂණ විද්‍යා මුලධර්ම හා පුහුණුව.
2) තාක්ෂණවේදය සඳහා විද්‍යාව
රසායන, භෞතික, ජීව විද්‍යා හා ගණිතය ආශ්‍රිත තාක්ෂණයට අවශ්‍යය මුලධර්ම හා පුහුණුව.
3) නිර්දේශ කරණු ලබන විශයයන් 10 අතුරින් තොරාගත් විෂයය.


  • දෙවැනි ආකාරය
1) ජෛව පද්ධති තාක්ෂණය
ආහාර පසු අස්වනු, කෘෂි, ජෛව සම්පත් තාක්ෂණ මූලධර්ම හා පුහුණුව.
2) තාක්ෂණවේදය සඳහා විද්‍යාව
රසායන, භෞතික, ජීව විද්‍යා හා ගණිතය ආශ්‍රිත තාක්ෂණයට අවශ්‍යය මුලධර්ම හා පුහුණුව.
3) නිර්දේශ කරණු ලබන විශයයන් 10 අතුරින් තොරාගත් විෂයය.

නිර්දේශ කරණු ලබන විෂය 10 පහත දැක්වෙයි. මේ දහයෙන් ඔබට කැමති ඒ වගේම ඔබේ පාසලේ උගන්වන විෂයයක් ඔබට තෝරා ගන්න පුළුවන්.

  1. ආර්ථික විද්‍යාව
  2. භුගොල විද්‍යාව
  3. ගෘහ ආර්ථික විද්‍යාව
  4. ඉංග්‍රීසි
  5. ගිණුම්කරණය
  6. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
  7. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  8. චිත්‍ර කලා
  9. ව්‍යාපාර අධ්‍යනය
  10. කෘෂි විද්‍යාව


අධ්‍යාපන අමාත්‍යංශය පමණක්ම නොවෙයි...

මේ විෂය ධාරාව සැලසුම් කලේ හා ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශය විතරක්ම නොවෙයි. මේ සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් හරි හරියට දායක වෙනවා. තාක්ෂණ විෂයට ගුරුවරුන් සපයන්නෙත්, ප්‍රායෝගික කටයුතු සඳහා වෘතිය පුහුණු ආයතන ලබා දෙන්නෙත් ප්‍රායෝගික ලකුණු ඇස්තමේන්තු කරන්නෙත් යෞවන කටයුුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මඟින්. ඉතිං ඔබට ලැබෙන්නේ මේ අමාත්‍යංශ දෙකෙම ඉහලම වටිනාකම් වල එකතුවක්.

විභාග තක්සේරුව මේ විදිහයි...

වසර දෙක අවසන් උනාම විෂයන් 3ටම සිද්ධාන්ත විභාගයක් තියෙනව. හැබැයි ඉංජිනේරු තාක්ෂණය හා ජෛව පද්ධති තාක්ෂණය කියන විෂයවල සිද්ධාන්ත සඳහා ලැබෙන්නේ ලකුණු 75%ක් විතරයි ඉතිිරි 25% ලැබෙන්නේ පුහුණු ආයතනයේදී කල වැඩ සඳහායි. එතකොට මේක දැනුම විතරක් නෙමෙයි “කෙරුවාවත්“ මනින විෂය ධාරාවක්. 

ඉතිං ඊට පස්සේ සාර්ථකත්වය සඳහා තෝරගන්න පාරවල් ගොඩයි...

  • මේ විෂය ධාරාවෙන් ඉහලින් උ.පෙළ සමත් වුනොත් ඔබට සම්මත විශ්වවිද්‍යාලවලට බැඳිල තාක්ෂණවේදී උපාධිය හදාරන්න පුළුවන්. වසර 2015 වෙනකොට සෑම විශ්ව විද්‍යාලයකම තාක්ෂණ විද්‍යා පිඨයක් අරඹන්න විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව තීරණය කරල ඉවරයි. ඉතිං ඔබටම ඇරුණු තාක්ෂණ විද්‍යා පීඨ ඇති වෙනවා.
  • විෂය ධාරාව සමත් සිසුන්ට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය අළුතෙන් ආරම්භ කරන විශ්වවිද්‍යාල විද්‍යායතනවලට (University College) ඇතුළු වෙන්නත් පුළුවන්. ඒ පාඨමාලාවෙන් ඩිප්ලෝමාව, උසස් ඩිප්ලෝමාව හා උපාධිය යන සුදුසුකම් 3ක්ම වසර 4කදී ලබා ගන්න පුළුවන්. ඒ වැඩ ලෝකය ගැන දැනුම හා පුහුණුවකුත් එක්කයි.
  • එහෙමත් නැත්නම් රත්මලාන ලංකා-ජර්මානු තාක්ෂණ ආයතනයේ, ඔරුගොඩවත්ත රථවාහන තාක්ෂණ ආයතනයේ නැත්නම් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම හා පුහුණුව ලබාගන්න පුළුවන්. මේවායේ ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් අද මෙරට හා පිටරට වල ඉහලම මට්ටමේ වේතන (වැටුප්) ලබන දක්ෂ තාක්ෂණිකවේදියෝ නැත්නම් ඉංජිනේරුවෝ.
විභාගයෙන් අසාර්ථක වුණත්... ජීවිතේ අසමත් වෙන්නේ නෑ...

යම් හේතුවකින් තාක්ෂණ විෂය ධාරාව තෝරාගත් ශිෂ්‍යෙයකු උසස් පෙළ විභාගයෙන් අසාර්ථක වුනාය හිතමු. ඒත් ඒ දරුවා ජීවිතෙන් අසමත් වෙන්නේ නෑ. ඒ මෙකද ලබා ගන්න ප්‍රායෝගික දැනුම අනුව නිපුණතා සංවර්ධන අමාත්‍යංශයෙන් ලැබෙන ජාතික වෘතීය සුදුසුකම් තුන්වන මට්ටම [NVQ III] මේ දරුවන්ට ලැබෙනවා. එහෙම නැත්නම් NVQ IV ලබාගන්න කාර්මික විද්‍යාලයකට හෝ පුහුණු ආයතනයකට බැඳුනාම මාස 18 කින් NVQ IV සහතිකය ලබා ගත හැකියි. ඊට පස්සේ කෙලින්ම විශ්වවිද්‍යාල විද්‍යායතනයකට (University College) බැඳුනාම තාක්ෂණවේදී (B.Tech) උපාධිය ලබාගන්න පුළුවන්. ඉතිං මේ විදිහට යන්න පාරවල් ගොඩයි.


 තාක්ෂණවේදී උපාධිය ගැන වැඩිදුර
තාක්ෂණවේදී උපාධිය ගැන වැඩිදුර






Monday, June 23, 2014
Posted by Unknown

තාක්ෂණවේදය විෂය ධාරාවේ සියළුම විෂය නිර්දේෂ සහ ගුරු අත්පොත්.


මම ඔයාලට කලින් ලිපියෙදි කිවුවනෙ විෂය නිර්දේෂ දෙනව කියල. ඔන්න මම අරගෙන ආව.

විෂයය නිර්දේශ මුලින්ම දෙන්නම්

1) ජෛව පද්ධති තාක්ෂණවේදය  View & Download
2) ඉංජිනේරු තාක්ෂණවේදය View & Download
3) තාක්ෂණවේදය සඳහා විද්‍යාව View & Download

මේවා තොරගතයුතු විෂය කාණ්ඩයේ විෂය නිර්දේෂ

ආර්ථික විද්‍යාව                                                   View & Download
භූගොල විද්‍යාව                                                   View & Download
ගෘහ ආර්ථික විද්‍යාව                                            View & Download
ඉංග්‍රිසි                                                                 තාම දීල නැතෝ
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය                          View & Download
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය                    View & Download
චිත්‍ර කලාව                                                         හම්බුනේ නෑ ඉක්මනටම දාන්නම්
ව්‍යාපාර අධ්‍යනය                                                 View & Download
කෘෂී විද්‍යාව                                                        View & Download
ගිණුම්කරණය                                                     View & Download


දැන් දෙන්නේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය.

1) ජෛව පද්ධති තාක්ෂණවේදය  View & Download
2) ඉංජිනේරු තාක්ෂණවේදය View & Download
3) තාක්ෂණවේදය සඳහා විද්‍යාව View & Download

මේවා තොරගතයුතු විෂය කාණ්ඩයේ ගුරු අත්පොත්.

ආර්ථික විද්‍යාව                                                   View & Download
භූගොල විද්‍යාව                                                   View & Download
ගෘහ ආර්ථික විද්‍යාව                                            View & Download
ඉංග්‍රිසි                                                                 තාම දීල නැතෝ
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය                          View & Download
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය                    View & Download
චිත්‍ර කලාව                                                         හම්බුනේ නෑ ඉක්මනටම දාන්නම්
ව්‍යාපාර අධ්‍යනය                                                 View & Download
කෘෂී විද්‍යාව                                                        View & Download
ගිණුම්කරණය                                                     View & Download

ඔයාලට මේවා අධ්‍යනය කරල මේ විෂය ධාරාව පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන් වෙයි.

දැනට තාක්ෂණය කරන හෝ  කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න යාළුවො ඉන්නවනම් අපේ බ්ලොග් අඩවිය ගැන එයාලටත් දැනුම් දීල එයාලටත් අත්වැලක් වෙන්න. ඔයාට අවශයනම් facebook හෝ වෙනත් සමාජ ජාලයක් ඔස්සේ අපගේ ලිපි මිතුරන් සමග බෙදා ගැනීමට ඉඩ කඩ සලසල දීල තියෙනවා. එතනින්  share  කරල යාළුවන්ටත් අත්වැලක් වෙන්න.

යටින් හොඳ නරක කියලම යන්න. 
Saturday, June 21, 2014
Posted by Unknown

තාක්ෂණවේදය විෂය ධාරාව හැඳින්වීම.

උසස් පෙළ සඳහා අධ්‍යන වර්ෂ 2013 සිට අළුතෙන් එක් කරන ලද තාක්ෂණික විෂය ධාරාව උසස් පෙළ ඉගෙනුම් ක්‍රමවේදයේ නව පෙරළියක් ඇති කල විෂය ධාරාවකි. එහි විෂයන් නම්.

1)

  •  ඉංජිනේරු තාක්ෂණවේදය.
  • ජෛව පද්ධති තාක්ෂණවේදය.
ඔබ මෙම විෂයන් 2න් එකක් අනිවාර්යයෙන්ම තෝරා ගත යුතුයි. මේ විෂයන් 2 හරියටම අපි දැනට හොදින් දන්න විද්‍යා විෂය ධාරාවේ තියෙන bio සහ maths වගේ.

මම මෙයින් ඉංජිනේරු තාක්ෂණවේදය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. (ජෛව තාක්ෂණය ඉක්මනටම දාන්නම් )

"ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය, ඉදිකිරීම් තාක්ෂණය, මොටර් යාන්ත්‍ර විද්‍යාව, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය, හා පාරිසරික ගැටළු යන තාක්ෂණවේද වල සංකලනයකි. ඉංජිනේරු තාක්ෂණවේදය යනු තාක්ෂණික පද්ධති වල ගැටළු නිරාකරණය කිරීම සඳහා ඉංජිනේරුමය දැනුම ලබා දෙන විෂයකි.
 අ.පො.ස (උ.පෙළ) සඳහා සංවර්ධනය කරන ලද මෙම විෂය මාලාව, ඉංජිනේරු තාක්ෂණයේ මූලිකාංග පිළිබඳ දැනුම හා වෘත්තීය කුසලතා සිසුනට ලබා දෙනු පිණිස සකසා ඇත. එමගින් රටේ සංවර්ධනය සඳහා සම්පත් භාවිතය පිළිබඳව උසස් පෙළ මට්ටමේදී සිසුන් තුල වෘත්තිය හැකියා වර්ධනයට දායකත්වය ලබා දෙනු ඇත.සිසුන් විසින් ඉංජිනේරු තාක්ෂණවේදයට සම්බන්ධ දැනුම භාවිත කිරීම, කැපවීම හා යොමුවීම බලාපොරොත්තු වේ. "

2) තාක්ෂණවේදය සඳහා විද්‍යාව.

මේක අනිවාර්යය විෂය ජෛව පද්ධති, ඉංජිනේරු කියල භේදයක් නැතුව හැමෝම මේ විෂය හදාරන්න ඕනි. 

"තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයේ දන්තර්ගතය, ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයයන්ට ගැලපෙන සේ විද්‍යාව ගණිතය හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවල විෂය සංකලනයකින් සකස් කර ඇත. මෙම විෂය අන්තර්ගතය මගින් ලැබෙන දැනුමෙන් තාක්ෂණික පද්ධතියක ගැටළු විසඳීමට අවශ්‍ය විද්‍යාත්මක, ගණීතමය හා තොරතුරු තාක්ෂණික පසුබිම සැපයේ"

සරලව කියනවනම් මේ විෂයය ඇතුලේ විෂය ක්ෂේත්‍ර 5ක කරුණු අන්තර්ගතයි එම විෂය ක්ෂේත්‍ර නම්

  • ගණිතය
  • ජීව විද්‍යාව
  • රසායන විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • තොරතුරු තාක්ෂණය


3) තොරා ගත යුතු විෂය කාණ්ඩය

මෙම විෂයය සඳහා පසත දැන්වෙන විෂයන් 10 අතරින් එක් විෂයයක් තොරා ගත යුතුයි. මේ විෂයන් 10 සඳහා යොදා ගෙන තියෙන්නේ දැනට පාසල්වල ඉගැන්වෙමින් පවතින උසස් පෙළ විෂයන්.

  1. ආර්ථික විද්‍යාව
  2. භූගොල විද්‍යාව
  3. ගෘහ ආර්ථික විද්‍යාව
  4. ඉංග්‍රිසි ( අනිවාර්යය විෂයක් වන General English නොවේ)
  5. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
  6. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  7. චිත්‍ර කලාව
  8. ව්‍යාපාර අධ්‍යනය
  9. කෘෂී විද්‍යාව
  10. ගිණුම්කරණය
අරමුණු:-

මෙම විෂය ධාරාව හැදෑරීමෙන්

  • එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන තාක්ෂණික කුසලතා සිසුන්ට ලබා දීම.
  • තාත්වික ලෝකයේ ගැටළු වලට විසඳුම් සෙවීමේ හැකියාව සිසුන් තුල වර්ධනය කිරීම.
  • ශ්‍රම වෙළඳපළට ගැලපෙන කුසලතා සිසුන් තුල වර්ධනය කිරීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවට අනුව වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම.
යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ බ්ලොග් එක තාක්ෂණික ගුරුතුමා කියල අනුවර්ථ නාමයකින් පටන් ගත්තේ ප්‍රසිද්ධ වෙන්න වත් වෙනත් ලාභ ප්‍රයෝජනයක් ගන්න වත් හිතාගෙන නෙමෙයි. තාක්ෂණය හදාරණ සිසුන්ට උදව්වක් වෙන යහපත් අරමුණෙන්. මගේ දැනුමෙන් ඔයාලට උදව්වක් වෙනවනම් මට ඒක සතුටක්. මේ බ්ලොග් එකේ වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න. හැදෙන්න ඕනි තැන් කියන්න. තවත් ඔයාලට අමතර දෙයක් දැනගන්න ඕනි නම් info.tecclz@gmail.com මගේ ඊ් මේල් ලිපිනයට ලියන්න. ඔයාලට අවශය විෂය කරුණු ගැන මාව දැනුවත් කරන්න ඒ ලිපිනය යොදා ගන්න. ඒ වගේම ඔයාල මේ ලිපිය කියෙව්ව නම් යටින් අදහසක් දක්වල යන්න කාරුණික වෙන්න ඒ මොකද මට ලැබෙන එකම ප්‍රතිලාභය ඒ කමෙන්ට්ස් කියවනකොට ලැබෙන නිහතමානී ආඩම්බරයත්, අහිංසක සතුටත් විතරයි. 

මීලග ලිපියෙන් ඉහත සියළුම විෂයන් වල විෂය නිර්දේශ බලාපොරොත්තු වන්න.
Posted by Unknown

ජනප්‍රියම ඒවා

ආපු ශිෂ්‍යයෝ ගාන

ලියන්නේ

Copyright © 2014 තාක්ෂණ පංතිය. Powered by Blogger.

- Copyright © 2013 තාක්ෂණ පංතිය -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -