- Back to Home »
- ඔබ දන්නවාද »
- තාක්ෂණවේදය විෂය ධාරාව හැඳින්වීම.
Posted by : Unknown
Saturday, June 21, 2014
උසස් පෙළ සඳහා අධ්‍යන වර්ෂ 2013 සිට අළුතෙන් එක් කරන ලද තාක්ෂණික විෂය ධාරාව උසස් පෙළ ඉගෙනුම් ක්‍රමවේදයේ නව පෙරළියක් ඇති කල විෂය ධාරාවකි. එහි විෂයන් නම්.
1)
මම මෙයින් ඉංජිනේරු තාක්ෂණවේදය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. (ජෛව තාක්ෂණය ඉක්මනටම දාන්නම් )
1)
- ඉංජිනේරු තාක්ෂණවේදය.
- ජෛව පද්ධති තාක්ෂණවේදය.
මම මෙයින් ඉංජිනේරු තාක්ෂණවේදය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. (ජෛව තාක්ෂණය ඉක්මනටම දාන්නම් )
"ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය, ඉදිකිරීම් තාක්ෂණය, මොටර් යාන්ත්‍ර විද්‍යාව, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය, හා පාරිසරික ගැටළු යන තාක්ෂණවේද වල සංකලනයකි. ඉංජිනේරු තාක්ෂණවේදය යනු තාක්ෂණික පද්ධති වල ගැටළු නිරාකරණය කිරීම සඳහා ඉංජිනේරුමය දැනුම ලබා දෙන විෂයකි.
අ.පො.ස (උ.පෙළ) සඳහා සංවර්ධනය කරන ලද මෙම විෂය මාලාව, ඉංජිනේරු තාක්ෂණයේ මූලිකාංග පිළිබඳ දැනුම හා වෘත්තීය කුසලතා සිසුනට ලබා දෙනු පිණිස සකසා ඇත. එමගින් රටේ සංවර්ධනය සඳහා සම්පත් භාවිතය පිළිබඳව උසස් පෙළ මට්ටමේදී සිසුන් තුල වෘත්තිය හැකියා වර්ධනයට දායකත්වය ලබා දෙනු ඇත.සිසුන් විසින් ඉංජිනේරු තාක්ෂණවේදයට සම්බන්ධ දැනුම භාවිත කිරීම, කැපවීම හා යොමුවීම බලාපොරොත්තු වේ. "
2) තාක්ෂණවේදය සඳහා විද්‍යාව.
මේක අනිවාර්යය විෂය ජෛව පද්ධති, ඉංජිනේරු කියල භේදයක් නැතුව හැමෝම මේ විෂය හදාරන්න ඕනි.
"තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයේ දන්තර්ගතය, ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයයන්ට ගැලපෙන සේ විද්‍යාව ගණිතය හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්රවල විෂය සංකලනයකින් සකස් කර ඇත. මෙම විෂය අන්තර්ගතය මගින් ලැබෙන දැනුමෙන් තාක්ෂණික පද්ධතියක ගැටළු විසඳීමට අවශ්‍ය විද්‍යාත්මක, ගණීතමය හා තොරතුරු තාක්ෂණික පසුබිම සැපයේ"
සරලව කියනවනම් මේ විෂයය ඇතුලේ විෂය ක්ෂේත්‍ර 5ක කරුණු අන්තර්ගතයි එම විෂය ක්ෂේත්‍ර නම්
- ගණිතය
- ජීව විද්‍යාව
- රසායන විද්‍යාව
- භෞතික විද්‍යාව
- තොරතුරු තාක්ෂණය
3) තොරා ගත යුතු විෂය කාණ්ඩය
මෙම විෂයය සඳහා පසත දැන්වෙන විෂයන් 10 අතරින් එක් විෂයයක් තොරා ගත යුතුයි. මේ විෂයන් 10 සඳහා යොදා ගෙන තියෙන්නේ දැනට පාසල්වල ඉගැන්වෙමින් පවතින උසස් පෙළ විෂයන්.
- ආර්ථික විද්‍යාව
- භූගොල විද්‍යාව
- ගෘහ ආර්ථික විද්‍යාව
- ඉංග්‍රිසි ( අනිවාර්යය විෂයක් වන General English නොවේ)
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- චිත්‍ර කලාව
- ව්‍යාපාර අධ්‍යනය
- කෘෂී විද්‍යාව
- ගිණුම්කරණය
අරමුණු:-
මෙම විෂය ධාරාව හැදෑරීමෙන්
- එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන තාක්ෂණික කුසලතා සිසුන්ට ලබා දීම.
- තාත්වික ලෝකයේ ගැටළු වලට විසඳුම් සෙවීමේ හැකියාව සිසුන් තුල වර්ධනය කිරීම.
- ශ්‍රම වෙළඳපළට ගැලපෙන කුසලතා සිසුන් තුල වර්ධනය කිරීම.
- ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවට අනුව වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම.
මේ බ්ලොග් එක තාක්ෂණික ගුරුතුමා කියල අනුවර්ථ නාමයකින් පටන් ගත්තේ ප්‍රසිද්ධ වෙන්න වත් වෙනත් ලාභ ප්‍රයෝජනයක් ගන්න වත් හිතාගෙන නෙමෙයි. තාක්ෂණය හදාරණ සිසුන්ට උදව්වක් වෙන යහපත් අරමුණෙන්. මගේ දැනුමෙන් ඔයාලට උදව්වක් වෙනවනම් මට ඒක සතුටක්. මේ බ්ලොග් එකේ වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න. හැදෙන්න ඕනි තැන් කියන්න. තවත් ඔයාලට අමතර දෙයක් දැනගන්න ඕනි නම් info.tecclz@gmail.com මගේ ඊ් මේල් ලිපිනයට ලියන්න. ඔයාලට අවශය විෂය කරුණු ගැන මාව දැනුවත් කරන්න ඒ ලිපිනය යොදා ගන්න. ඒ වගේම ඔයාල මේ ලිපිය කියෙව්ව නම් යටින් අදහසක් දක්වල යන්න කාරුණික වෙන්න ඒ මොකද මට ලැබෙන එකම ප්‍රතිලාභය ඒ කමෙන්ට්ස් කියවනකොට ලැබෙන නිහතමානී ආඩම්බරයත්, අහිංසක සතුටත් විතරයි.
මීලග ලිපියෙන් ඉහත සියළුම විෂයන් වල විෂය නිර්දේශ බලාපොරොත්තු වන්න.
තාම බ්ලොග් එක හදා ගෙන යනවා ඒ නිසා අපහසුතාවයට පත් වෙනව නම් සමාව ඉල්ලනවා
ReplyDeletegood work. keep it up
ReplyDeleteජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළ සියළු දේ දැනගන්න පිවිසෙන්න..... http://aselabtech.blogspot.com
ReplyDeleteGreat!. Keep it up
ReplyDeleteGreat!. Keep it up
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteTHIS IS A GOOD WORK FOR US,THANK YOU SIR! keep it up!!
DeleteI AM A STUDENT OF YOUR PRIVATE CLASS,SO I'M PROUD OF YOU SIR,GOOD LUCK!
ReplyDelete