Posted by : Unknown Monday, June 23, 2014

ගරු අධ්‍යාපන අධික්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ මැතිතුමා විසිනි...





නියම වෙනසක්...

න්‍යායික බුද්ධියට අමතරව “කිරීමේ“ හැකියාව ඇති බොහෝ දරුවන්ට අතිශය වැදගත් වන පරිවර්ථනයක් ළගදි අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ඇති වුණා. ඒ තමයි උසස් පෙළට තාක්ෂණවේදය විෂ්‍ය ධාරාව හඳුන්වා දීම.

වැඩ ලෝකයට ඇතුළු වෙන්න තාක්ෂණය හා නිපුණතාවය අවශ්‍යයි...

මේ මාර්ගය පටන් ගන්නේ පොඩි වෙනසකුත් එක්ක. අපි සිද්ධාන්ත ඉගෙනගන්න ගමන්ම වැඩ ලොකය ගැනත් ඉගෙන ගන්නවා. ඒක තමයි මානව සංහතියේ ලෞකික අභිවෘද්ධියට තියෙන නියම ලෝකය. ඉතින් අපි ටික ටික වැඩ කරන්නත් ඉගෙන ගන්නවා. මේ පාර හදල තියෙන්නේ දෙපැත්තකට බෙදෙන විදිහට ඒ ඔබේ දක්ෂතා අනුව තෝරගත්තු එක පාරක යන්නයි.

පාරවල් දෙක මේ විදිහයි...


  • පළමු ආකාරය
1) ඉංජිනේරු තාක්ෂණවේදය
සිවිල්, යාන්ත්‍රික විද්‍යාව හා විදුලි තාක්ෂණ විද්‍යා මුලධර්ම හා පුහුණුව.
2) තාක්ෂණවේදය සඳහා විද්‍යාව
රසායන, භෞතික, ජීව විද්‍යා හා ගණිතය ආශ්‍රිත තාක්ෂණයට අවශ්‍යය මුලධර්ම හා පුහුණුව.
3) නිර්දේශ කරණු ලබන විශයයන් 10 අතුරින් තොරාගත් විෂයය.


  • දෙවැනි ආකාරය
1) ජෛව පද්ධති තාක්ෂණය
ආහාර පසු අස්වනු, කෘෂි, ජෛව සම්පත් තාක්ෂණ මූලධර්ම හා පුහුණුව.
2) තාක්ෂණවේදය සඳහා විද්‍යාව
රසායන, භෞතික, ජීව විද්‍යා හා ගණිතය ආශ්‍රිත තාක්ෂණයට අවශ්‍යය මුලධර්ම හා පුහුණුව.
3) නිර්දේශ කරණු ලබන විශයයන් 10 අතුරින් තොරාගත් විෂයය.

නිර්දේශ කරණු ලබන විෂය 10 පහත දැක්වෙයි. මේ දහයෙන් ඔබට කැමති ඒ වගේම ඔබේ පාසලේ උගන්වන විෂයයක් ඔබට තෝරා ගන්න පුළුවන්.

  1. ආර්ථික විද්‍යාව
  2. භුගොල විද්‍යාව
  3. ගෘහ ආර්ථික විද්‍යාව
  4. ඉංග්‍රීසි
  5. ගිණුම්කරණය
  6. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
  7. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  8. චිත්‍ර කලා
  9. ව්‍යාපාර අධ්‍යනය
  10. කෘෂි විද්‍යාව


අධ්‍යාපන අමාත්‍යංශය පමණක්ම නොවෙයි...

මේ විෂය ධාරාව සැලසුම් කලේ හා ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශය විතරක්ම නොවෙයි. මේ සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් හරි හරියට දායක වෙනවා. තාක්ෂණ විෂයට ගුරුවරුන් සපයන්නෙත්, ප්‍රායෝගික කටයුතු සඳහා වෘතිය පුහුණු ආයතන ලබා දෙන්නෙත් ප්‍රායෝගික ලකුණු ඇස්තමේන්තු කරන්නෙත් යෞවන කටයුුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මඟින්. ඉතිං ඔබට ලැබෙන්නේ මේ අමාත්‍යංශ දෙකෙම ඉහලම වටිනාකම් වල එකතුවක්.

විභාග තක්සේරුව මේ විදිහයි...

වසර දෙක අවසන් උනාම විෂයන් 3ටම සිද්ධාන්ත විභාගයක් තියෙනව. හැබැයි ඉංජිනේරු තාක්ෂණය හා ජෛව පද්ධති තාක්ෂණය කියන විෂයවල සිද්ධාන්ත සඳහා ලැබෙන්නේ ලකුණු 75%ක් විතරයි ඉතිිරි 25% ලැබෙන්නේ පුහුණු ආයතනයේදී කල වැඩ සඳහායි. එතකොට මේක දැනුම විතරක් නෙමෙයි “කෙරුවාවත්“ මනින විෂය ධාරාවක්. 

ඉතිං ඊට පස්සේ සාර්ථකත්වය සඳහා තෝරගන්න පාරවල් ගොඩයි...

  • මේ විෂය ධාරාවෙන් ඉහලින් උ.පෙළ සමත් වුනොත් ඔබට සම්මත විශ්වවිද්‍යාලවලට බැඳිල තාක්ෂණවේදී උපාධිය හදාරන්න පුළුවන්. වසර 2015 වෙනකොට සෑම විශ්ව විද්‍යාලයකම තාක්ෂණ විද්‍යා පිඨයක් අරඹන්න විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව තීරණය කරල ඉවරයි. ඉතිං ඔබටම ඇරුණු තාක්ෂණ විද්‍යා පීඨ ඇති වෙනවා.
  • විෂය ධාරාව සමත් සිසුන්ට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය අළුතෙන් ආරම්භ කරන විශ්වවිද්‍යාල විද්‍යායතනවලට (University College) ඇතුළු වෙන්නත් පුළුවන්. ඒ පාඨමාලාවෙන් ඩිප්ලෝමාව, උසස් ඩිප්ලෝමාව හා උපාධිය යන සුදුසුකම් 3ක්ම වසර 4කදී ලබා ගන්න පුළුවන්. ඒ වැඩ ලෝකය ගැන දැනුම හා පුහුණුවකුත් එක්කයි.
  • එහෙමත් නැත්නම් රත්මලාන ලංකා-ජර්මානු තාක්ෂණ ආයතනයේ, ඔරුගොඩවත්ත රථවාහන තාක්ෂණ ආයතනයේ නැත්නම් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම හා පුහුණුව ලබාගන්න පුළුවන්. මේවායේ ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් අද මෙරට හා පිටරට වල ඉහලම මට්ටමේ වේතන (වැටුප්) ලබන දක්ෂ තාක්ෂණිකවේදියෝ නැත්නම් ඉංජිනේරුවෝ.
විභාගයෙන් අසාර්ථක වුණත්... ජීවිතේ අසමත් වෙන්නේ නෑ...

යම් හේතුවකින් තාක්ෂණ විෂය ධාරාව තෝරාගත් ශිෂ්‍යෙයකු උසස් පෙළ විභාගයෙන් අසාර්ථක වුනාය හිතමු. ඒත් ඒ දරුවා ජීවිතෙන් අසමත් වෙන්නේ නෑ. ඒ මෙකද ලබා ගන්න ප්‍රායෝගික දැනුම අනුව නිපුණතා සංවර්ධන අමාත්‍යංශයෙන් ලැබෙන ජාතික වෘතීය සුදුසුකම් තුන්වන මට්ටම [NVQ III] මේ දරුවන්ට ලැබෙනවා. එහෙම නැත්නම් NVQ IV ලබාගන්න කාර්මික විද්‍යාලයකට හෝ පුහුණු ආයතනයකට බැඳුනාම මාස 18 කින් NVQ IV සහතිකය ලබා ගත හැකියි. ඊට පස්සේ කෙලින්ම විශ්වවිද්‍යාල විද්‍යායතනයකට (University College) බැඳුනාම තාක්ෂණවේදී (B.Tech) උපාධිය ලබාගන්න පුළුවන්. ඉතිං මේ විදිහට යන්න පාරවල් ගොඩයි.


 තාක්ෂණවේදී උපාධිය ගැන වැඩිදුර
තාක්ෂණවේදී උපාධිය ගැන වැඩිදුර






{ 10 comments... read them below or Comment }

  1. මේ මගින් ලැබෙන සහ උදාවන්නට නියමිත් රැකියා අවස්තා ගැනත් රැකියා වෙළදපොළ මගින් B.Tec & B.Tec (Hons) උපාධිදාරීන්ට ලබාගත හැකි රැකියා අවස්තා පිළිබදව දැනුවත් කිරීමක් කලොත් හොදයි. මං දන්න ගොඩක් උන් ඉන්නව එක්සෑම් එකෙන් පස්සෙ මොනා වේවිද කියල හිතාගන්නවත් බැරුව

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගැන අනිවාර්යයයෙන් ඉදිරියේදි දැනුවත් කරනවා..

      Delete
    2. රැකියා පිලිබදව දැනුවත් කරන්න පුලුවන්ද

      Delete
  2. කෙලින්ම විශ්වවිද්‍යාල විද්‍යායතනයකට (University College) බැඳුනාම තාක්ෂණවේදී (B.Tech) උපාධිය ලබාගන්න බෑ ඒකෙන් ලැබෙන්නෙ NVQ 5 උපාධිය දෙන්නෙ තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් රත්මලානෙ පිහිටලා තියෙන

    ReplyDelete
  3. අපි ඉන්ජිනේරු තාක්ෂණය කලොත් කොහොම හරි ඉන්ජිනේරුවෙක් වෙන්න පුලුවන්ද???????

    ReplyDelete
  4. අපි ඉන්ජිනේරු තාක්ෂණය කරලා කැම්පස් ගියොත් අපට කවුරු වගේද වෙන්න පුලුවන්?

    ReplyDelete
  5. අපි ඉන්ජිනේරු තාක්ෂණය කරලා කැම්පස් ගියොත් අපට කවුරු වගේද වෙන්න පුලුවන්?

    ReplyDelete

ජනප්‍රියම ඒවා

ආපු ශිෂ්‍යයෝ ගාන

ලියන්නේ

Copyright © 2014 තාක්ෂණ පංතිය. Powered by Blogger.

- Copyright © 2013 තාක්ෂණ පංතිය -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -